Friday, January 4, 2013

රිසානාට ලගදීම නිදහස

සවුදී අරාබියේදී මරණ දඩුවම නියමව ඇති රිසානා නදීකට නිදහස ලැබී ලගදීම ශ්‍රී ලංකාවට නැවත පැමිණීමට හැකි බවට තොරතුරු ලැබී ඇතැයි මෙරට සවුදි අරාබියානු තානාපතිවරයා ප්‍රකාශ කර ඇත.තානාපති අබ්දුල් අසීස් අල ජම්මාස් මහතා මේ පිළිබද ප්‍රකාශ කර ඇත්තේ ඊයේ (3 වනදා) සවස අධිකරණ ඇමති රවුෆ් හකීම් මහතා එම අමාත්‍යාංශයේදී හමුවූ අවස්ථාවේදීය.

ගෑස් මිල අද හෙටම ඉහල යන ලුකුණු


ගෑස් මිල ඉදිරි දින කිහිපය ඇතුලතදී ඉහල යනු ඇතැයි රෙඩ්නිව්ස්ලංකා  වෙත වාර්තා වනවා.ඒ සදහා මේ වන විටත් ගෑස් සමාගම් විසින් පාරිභෝගික සේවා අදිකාරියට ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බව වෙළද කටයුතු අමාත්යංශය ප්‍රකාශ කරයි.
කෙසේවෙතත් මේ ලිපිය සම්පාදනය කරන මොහොත දක්වා ඊට අනුමැතිය හිමිවී නොතිබුණි.

ෆේස්බුක් මිතුරන් දිල්ලියේ තවත් ශිෂ්‍යාවක් දුෂණය කරයි



සමූහ  දුෂණය  කර මරා දැමු වෛද්‍ය ශිෂ්‍යාවගේ ඝාතකයන්ට දෙන ලෙස බලකරමින් දහස් ගණනින් උද්ගෝෂණ ව්‍යාපාර දියත් කර ඇති ඉංදියාවේ අගනුවර වූ නවදිල්ලියෙදී තවත් ශිෂ්‍යාවක් දුෂණය කර ඇතැයි වාර්තා වේ.
තමන්ට ෆේස්බුක් මිතුරු ජාලයෙන්හමුවූ මිතුරෙකුගේ බලවත් ඉල්ලීමට දෙසැම්බර් 31 දා දකුණු දිල්ලියේ සාප්පු සන්කීර්නයකදී තමන් ඔහුව හමුවූ බවත් පසුව අසල පිහිටි සුපිරි නිවාස සංකීර්ණයක ඇති නිවසකට ගෙනගොස් ඒ නිවස තුල සිටි තවත් පුද්ගලයෙකු සමග එක්ව තමන්ව දුෂණය කල බව අතවරයට ලක් වූ 17 වියැති පාසල් ශිෂ්‍යාව පවසා ඇත.
සිද්දිය සම්බන්දයෙන් අතවරය සිදුවූ නිවසේ සිටි තරුණයන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, 20 හැවිරිදි වියේ පසුවන ඔවුන් දෙදෙනාම තොරතුරු තාක්ෂණ ආයතනයක රැකියා කරන අයවලුන් ලෙසට හදුනාගෙන  ඇත.

මීගමුවේදී ප්‍රකට වේදිකා නිළිය දුෂණය කරලා


බෝඩිමේ අංකල් 
ගුවන් හමුදා සෙබලුන් දෙදෙනා 
අතුළු හතරදෙනෙකු 


fï Èkj, fõÈld kdgH lsysmhlu rx.kfha ksr;jk 28 yeúßÈ m%lg rEu;a fõÈld ks<shl y;rfofkl= w;ska ¥IKhg ,laùfï wjdikdjka; isoaêhla ó.uqj lÈrdfkka jd¾;d jkjd' bkaÈhdfõ nia r:fha fÄojdplhg fkdfofjks fï isoaêh ksid tlaore ujlo jk fï ks<sh ±ka ffjoH m%;sldr ,nñka miqfjkjd'

ìì, m%foaYfha mÈxÑldßhl jk weh újdyù orefjl=o isák ujls' uE; ld,fha r`.±lafjk fõÈld kdgH .Kkdjl mqyqKqùï yd o¾Ykjdr j,g iyNd.Sùfï myiqj msKsi weh ó.uqj m%foaYfha fkajdisld.drhl kjd;ekaf.k isákakshls'
;u fkajdisld.drh wi, meje;ajQ wjqreoao wjidk ix.S; ixo¾Ykh krUkakg .sh weh miq.sh m<uqfjksodg t<sjkakg kej; fkajdisld.drh fj; weúof.k meñK we;af;a ;ksjuh'
fï wjia:dfõ ;uka wd .=re mdf¾ u. /l isá lsishï mqoa.,fhl= ;udg urK ;¾ck t,a,lr ìh.ekajQ nj;a miqj ;ud Tijdf.k .sh nj;a weh mejiqjd' ;uka lE .eiqj;a th msg;g kEfik fia Tyq lg ;o lrk ,o nj;a ,÷ le,E m%foaYhlg ;udj Tijdf.k f.dia t;ek§ Tyq ;udg w;jr l< nj;a weh lsõjd' miqj Tyq ÿrl:khlska ñ;=rka ;sfofkl=g t;ekg tkakehs lshd l:d lr ;snQ w;r Tjqka ;sfokdo t;eg ú;a jßkajr ;uka ¥IKh lrk ,o nj;a weh lsõjd'

නිවුන් අක්කාටයි නංගිටයි එකම දින බාබාලා


චමින්ද මඩවල

එකට ඉපදි එකට හැදි වැඩි එකටම විවාහ වූ සහෝදරියන් දෙදෙනකු එකම දින දරුවන් බිහිකළහ.  ඇමෙරිකාවේ ඇක්රන් බීකන් පුවත් පත කියයි. ඔහයෝ ප්‍රාන්තයේ සුමා ඇක්රන් රෝහලේදී නිවුන් තරුණියෝ (19) දෙදෙනෙක් මේ දරුවන් බිහිකළහ. දෙසැම්බර්  31 වැනි දා රාත්‍රියේ පැය දෙකක පරතරයක දී ඔවුන් දෙදෙනාට දරු උපත් සිදු වූ අතර එකම වෛද්‍ය කණ්ඩායමක් ඔවුන් වෙනුවෙන් පෙනී සිටියහ.

කුණු කන්දත් එපා - විදුලි බලාගාරයත් එපා


ශාන්ත සෙනෙවිරත්න

වැල්ලම්පිටිය මීතොටමුල්ලේ කුණු කන්දට කුණු දැමීමත් විදුලි බලාගාරයක් ඉදි නොකරන ලෙසත්, වසා දැමූ රාහුල විදුහල විවෘත කරන ලෙසත් බල කරමින් ප්‍රදේශවාසිහු අද (4) පාරේ ටයර් පුළුස්සමින් උද්ඝෝෂණයක් කළහ. මීතොටමුල්ල ප්‍රධාන මාර්ගයේ ගමන් බිමන් ද අවහිර විය.

(Cull From Lankadipa)

රූ රැජිනක් වූ පමණින් නිළියක් වෙන්න බෑ

ලංකාදීප කර්තෘ මණ්ඩලය


2012 ශ්‍රී ලංකා රූ රැජින (දෙරණ ටීවී රූ රැජින) කිරුළ පැළැඳි මේ සුරූපිය එහිදී රූ රැජිනට අමතරව ජනප‍්‍රිය කිරුළ සහ දක්‍ෂතම යන අංශයට හිමි කිරුළ ද හිමිකර ගත්තාය. ඒ සමගම පසුගියදා චීනයේ පැවැත්වූ සංචාරක රූ රැජින තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ඇය අවසන් දහදෙනා අතට ද තේරී පත්වූවාය. මේ සියල්ල සමග විනූ උදානී සිරිවර්ධන නමැති මේ නව යොවුන් සුරූපිය ගැන අද වැඩිදෙනා කතා වන්නේ ”පිපෙන මල්” ටෙලිනාට්‍ය නිසාය. එහි පාරමී ලෙස ජනප‍්‍රියව සිටින විනූ සමග අපි සුන්දර පිළිසඳරකට එක්වෙමු.



විනූ ඔබගේ පවුලේ විස්තර ගැන සඳහන් කළොත්?
අම්මා ගුරුවරියක්. තාත්තා මාර්ග සංවර්ධන අධිකාරියේ උපදේශකවරයෙක්. නංගී තවම පාසල් අධ්‍යාපනය ලබනවා. අයිය රැකියාවක නිරත වෙනවා.
කොහොමද ඔබ කලා ක්‍ෂේත‍්‍රයේ ගමන ආරම්භ කළේ?
පාසලේදී ඉගෙනීමට අමතරව ක‍්‍රීඩා අංශයට ගොඩාක් දක්‍ෂ වුණා. පාසලේ ප‍්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙසත් කටයුතු කළා. ක‍්‍රීඩා අංශයට අමතරව නැටුම් සහ චිත‍්‍ර අංශවලටත් දක්‍ෂතා දැක්වූවා. 2011 අනුලා කුමරිය ලෙස සම්මාන ලැබුනෙත් මටයි.
මේ වනවිට මොනවද කරන්නේ?
 උසස් පෙළ හැදෑරවේ වාණිජ අංශයෙන්. දැන් සරසවි වරම් ලබා ප‍්‍රවේශය ලැබෙනතෙක් බලා සිටිනවා. ඒ විරාමය අතරේ තමයි කලා අංශයේ කටයුතු වලට දායක වන්නෙ.

මෙහෙමත් ගෑනු


චමින්ද මඩවල

ස්වීඩන් ජාතික ජෙනේත්තේ ජවෙල් (42) පසුගිය  නත්තල් දා තම සැමියා පිහියෙන් ඇන මරාදමන අයුරු ඇය වීසින්ම තම ජංගම දුරකථනයෙන් ඡායාරූපයට නැගීය.  පිහිපහරවල් 30ක් ඇන තම සැමියාමරා දැමූ  ජවෙල් මිතූරන් හමුවට ගොස් කෑගසා තමා සැමියා මරා දැමු බව කියා තිබේ. අනතූරුව ඇය පොලිස් අත්අඩංගූවට පත් විය. ඇය මත්ද්‍රව්‍ය භාවිතයට ඇබිබැහි වී සිටියේදැයි පොලිසිය පරික්‍ෂණ පවත්වයි.

(Cull From Lankadipa)

සැමියාගේ සාත්තුවට යැවූ හිතවතා බිරිය කෙළෙසයි

ඩී ජී සුගතපාල

රෝහල් ගත කර සිටින සැමියාගේ සාත්තුවට යැවූ හිටපු හමුදා සෙබළකු මිනී මැරුම් නඩුවකට සම්බන්ධ බව කියන පුද්ගලයකු ද සමග මහ රෑ රෝගියාගේ බරිඳ කෙළෙසා ඇතැයි නෙළුව පොලීසිය කියයි.
21 හැවිරිදි මෙම එක්දරු මව එම පුද්ගලයා රෝහලට යවා ඇත්තේ පවුලේ හිතවතකු නිසා යැයි ද, ඔහු රෝහලට නොගොස් මහ රෑ ගෙදරට කඩා වැදී මේ අපරාධය කර ඇතැයි ද පොලීසිය කියයි.

(Cull From Lankadipa)

ඔළු 59යි; ඇට කෑලි 69


මාතලේ ඇම් ඩබ්ලිව් සෝමරත්න

මාතලේ දිසා රෝහල් භුමියේ මිනී වළෙන් මිනී ඔළු 59ක් සොයාගත් බව වෛදවරු කියති. ඇට කැබලි ගණන 69කි. මාතලේ මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මියගේ නියෝග පරිදි අධිකරණ විශේෂඥ වෛද්‍ය නිලධාරි දොස්තර අජිත් ජයසේන මහතා කැනීම් කරයි. මුලින්ම කැණීම් දෙසැම්බර් 2 -22 කාලයේ සිදු විය. ගිය 28 වැනි දා සවස යළි කැණීම් ඇරැඹිණි.

(Cull From Lankadipa)

ශාඛ මරුවෝ තිදෙනෙක් සබරගමුවෙන්


ප්‍රින්ස් රත්නායක

සුදු හඳුන් සහ වල්ලාපට්ට දැව තොගයක් සමග සැකකරුවන් තුන් දෙනකු බෙලිහුල්ඔයේදී අත්අඩංගුවට ගනු ලැබූහ.
වල්ලාපට්ට ශාකයේ කිලෝ එකොළෙහමාරක් හා සුදු හදුන් කිලෝ හැට අටක් ඔවුන් ළඟ තිබිණි.
තෙල් සිඳීමට මේ ශාඛ දෙකම ගනී. වල්ලාපට්ටා ශාඛය ඉතා අධික මිලකට අලෙවි වෙයි.

(Cull From Lankadipa)

තවත් වැලි සීනි තොගයකට සීල්


අප්සරා යෝෂිත් විජේසූරිය

බ්‍රසීලයෙන් ගෙන්වූ සීනි කිලෝ 3100ක වැලි මිශ්‍රවී තිබියදී සොයාගත් රත්නපුර මහ නගර සභාව එම සීනි තොගයට සීල් තැබීය.
කිලෝ පනහේ සීනි ගෝනි 62 එහි විනැයි ද, සාම්පල රජයේ රස පරීක්ෂක වෙත යැවී යැයි ද ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර ප්‍රියන්ත මහතා ප්‍රකාශ කළේය.

(Cull From Lankadipa)

රනිල් කසය අතට ගනී



මන්ත්‍රී පහක් සමාව ගනී

පක්ෂ නායකත්වය දෙන නියෝග සහ උපදෙස් පිළිපැදීමට නොහැකි නම් වහා පාර්ලිමේන්තු මන්ත්‍රී පදවියෙන් ඉවත්ව යන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මන්ත්‍රීවරු පස් දෙනෙකුට අද නියෝග කළේය.
මින් ඉදිරියට පක්ෂයේ ස්ථාවරය අභියෝගයට ලක් වන කිසිදු ක්‍රියාවලියක නිරත නොවන ලෙස ද, විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක නීතීඥ අජිත් පී පෙරේරා, ජාතික යොවුන් පෙරමුණේ සභාපති රුවන් විජයවර්ධන, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝධ් පෙරේරා, පත් කළ මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා සහ එරාන් වික්‍රමරත්න යන මහත්වරුනට තරයේ අවවාද කැරිණි.
ඔවුහු විපක්ෂ නායක කාර්යාලයට කැඳවනු ලැබ සිටියහ.
ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට  එරෙහි දෝෂාභියෝග හමුවේ අභියාචනාධිකරණය විභාගය දින උසාවියට නොයා යුතු යැයි පක්ෂය ගත් තීරණයට එරෙහිව ඔවුන් ක්‍රියා කැර ඇතැයි වික්‍රමසිංහ මහතා කීවේය. මන්ත්‍රීන් පස් දෙනා සමාව ගත් බව ද වාර්තා වෙයි.

(Cull From Lankadipa)

චීනපටස් මුදලාලි රිමාන්ඩ්


ඩී කේ ජිනේන්ද්‍රදාස

චීන පටස් රතිඤ්ඤයක් කටේ දමා හැපීමෙන් මුන්දලමේදී මිය ගිය කුඩා දරුවාගේ මරණය සම්බන්ධයෙන් සැක පිට චීනපටස්  අළෙවි කළ කඩ හිමියා රිමාන්ඩ් බාරයට පත් කළ පුත්තලම මහේස්ත්‍රාත් ධම්මිකා ඉලංගතිස්ස මහත්මිය ඔහුගේ 12 හැවිරිදි පුතාට රුපියල් 5000ක ශරීර ඇප නියම කර මවගේ බාරයට පත් කළාය.
අවුරුදු තුනහමාරක් වයසැති හසංග චමේනුක දරුවාගේ මරණයට හේතුව කඩහිමියාගේ නොසැළකිලිමත් බව පොලීසිය අධිකරණයට දැන්වීය.
එම දරුවාට රතිඤ්ඤය විකුණා ඇත්තේ ඔහුගේ 11 හැවිරිදි දරුවාය.

(Cull From Lankadipa)

‘අවුලකට පාර කපන්න එපා‘ - ජවිපෙ රජයට කියයි


 තරිඳු ජයවර්ධන

ආණ්ඩුව අධිකරණ තීන්දුවට හිස නැමිය යුතු යැයි ද, එම තීන්දුවට අනුව වැඩ නොකළහොත් රටේ මහා අවුලක් ඇති වන්නේ යැයි ද පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා කියයි.
‘ජනතාවගේ ඡන්දයෙන් පත්වු පාර්ලිමේන්තුව නීතිය නොසලකා කටයුතු කරයි නම් රටේ ජනතාවත් නීතිය නොසකා හරියි. එවිට රටේ විනයක්, නීතියක් නැතිවී යාමට පුළුවන්. රටේ අරාජිකත්වයක් ඇති වෙනවා. මේ තීන්දුවට අවනත වුණොත් පමණයි රටේ හැතිවිය හැකි අරාජිකත්වය වළක්වන්න පුළුවන්.‘
‘දැන් ආණ්ඩුව කළ යුතුතේ දෝෂාභියෝගය හකුළා ගැනීමයි.  රටේ ජනතාවගේ අනාගතය වෙනුවෙන් එය කළ යුතුමයි. ‘

(Cull From Lankadipa)

වාහන බද්දෙන් පාරෙ තදබදේ අඩු වේ


තරිඳු ජයවර්ධන

2012 වසරේ පැනැවූ නව වාහන බදු සංශෝධනය නිසා එම වසරේදී ලියාපදිංචි කැරුණ වාහන සංඛ්‍යාව 25% කින් පමට පහත වැටුණු බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා කියයි.
අධික තදබදය හා පාරිසරික සමබරතාව බිඳී යාමේ හේතුව නිසා රජය විසින් රථවාහන පාලනය සඳහා මෙම ක්‍රියාමර්ගය ගත් බවත්, අද වන විට එය සාර්ථක වී ඇති බවත් නියෝජ්‍ය ඇමැති පවසයි.
2011 වසරේ මුළු වාහන ලියාපදිංචිය 526421කි. 2012 වසරේ එය 397295 දක්වා අඩුවිය.
2012 වසරේ කාර් 31546ක් ද, ත්‍රීරෝද රිය 98815ක් ද, 192284ක් ද, යතුරුපැදි 192284ක් ද, ද්විත්ව කාර්ය වාහන 378397ක් ද, ලොරි 12, 266 ක් ද ලියාපදංචි කැර තිබේ.

(Cull From Lankadipa)

කතරගමට කහ/රතු වැසි


 කේ.ඩී. දේවප්‍රිය

කතරගම පෙරගිරිගම කන්දපාර හා නාගහ වීදිය ගම්වලට අද කහ සහ රතු පැහැ වැසි වැටුණු බව ගැමියෝ කියති.
ජල සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹට යවන බව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ දොස්තර අජිත් ද සිල්වා පවසයි.

(Cull From Lankadipa)

Wednesday, January 2, 2013

පාර්ලිමේන්තු සභාවාරය කල් දමන්නැයි සජිත්ගෙන් ඉල්ලීමක්

සංජය නල්ලපෙරුම

sajith-1
අගවිනිසුරුවරියට එරෙහිව ඉදිරිපත් කළ දෝෂාභියෝගය සහ දිවිනැගුම පනත සම්බන්ධ පාර්ලිමේන්තු විවාද පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු සැසිවාරය කල් දමන ලෙස එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ඉල්ලීමක් කරයි. ලක්ෂ හතරකට ආසන්න පිරිසක් ගංවතුරෙන් පීඩාවට පත්ව ඇති නිසා පාර්ලිමේන්තු සභාවාරය කල් තබා ජනතාවට සහන දීමේ වැඩ පිළිවෙළට ප්‍රමුඛතාවය ලබා දිය යුතුයැයි කොළඹදී අද (02) උදෑසන පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සජිත් ප්‍රේමදාස පැවසීය. පාර්ලිමේන්තුව රැස්වීම සඳහා වැයවන මුදල්ද ජනතාවට සහන ලබාදීම වෙනුවෙන් වෙන්කළ යුතු යැයිද ඔහු සදහන් කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාම ඒ සඳහා එක්විය යුතු බවද වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේය.

(Cull From Lakbima)

ඉන්දීය බෙහෙතක් මෙහේ තහනම්


ශ්‍රියානි විජේසිංහ

behethඉන්දියාවේ බයෝමෙට් ෆාමසුටිකල් සමාගමේ නිෂ්පාදිත ‘ක්ලොක්සසිලීන්’ නැමැති ප්‍රතිජීවක ඖෂධය මෙරට රෝහල්වල භාවිතය හා පෞද්ගලික අංශයේ අලෙවිය වහාම ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. කළුබෝවිල ශික්ෂණ රෝහලේදී වීදුරු කැබැල්ලක් සහිත ක්ලොක්සසලීන් ප්‍රතිජීවක එන්නත් කුප්පියක් හමුවීමත් සමඟ ඒ පිළිබඳව කළ පරික්ෂණවලින් අනතුරුව සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම තීරණය ගත් බව ඖෂධ අධිකාරියේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා සඳහන් කළේය. මෙම ප්‍රතිජීව එන්නත් කුප්පියට වීදුරු කැබැල්ලක් පිටතින්ම ඇතුළු වී ඇති බව පරික්ෂණවලින් තහවුරු වීමත් සමඟ එය සමස්ත නිෂ්පාදන ක්‍රියාවලියේම බරපතල ප්‍රශ්නයක් බව අධ්‍යක්ෂ බෙනරගම මහතා අවධානරණය කළේය.

(Cull From Lakbima)


ගිලා බැසීම්, පස් කඳු කඩා වැටීම් නිසා පවුල් 145ක් මාතලේ පළාත්වලින් ඉවතට



mathale-1මාතලේ දිස්ති‍්‍රක්කයේ නාය යාම් ල ගිලා බැසීම් හා පස් කඳු කඩා වැටීම් වැනි අධි ආපදා කලාපවලින් පවුල් ඒකක 145 ක් 01 දා සවස වනවිට සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය කියයි. මෙම පුද්ගලයින්ගේ  ජීව්ත හා දේපොල ආරක්‍ෂාව තහවුරු කරමින් ඉවත් කිරිමේ නිර්දේශ ලබා දුන් බව ජාති ගොඩනැගිල පර්යේෂණ ආයතනයේ මාතලේ දිස්ති‍්‍රක් කාර්යාලයේ ප‍්‍රධානී චමින්ද මොරේමඩ මහතා පවසයි .  ඉකුත් දිනවල පැවැති මහ වැසි හේතුවෙන් දිස්ති‍්‍රක්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 11 තුළ පවුල් 1803 ක සාමාජිකයින් 5613 ක් විපතට පත්ව නිවාස 770 ක් හානියට පත්ව තිබේ. පූර්ණ වශයෙන් හානියට පත් නිවාස ගණන 173 ක් බව ප‍්‍රාදේශීය ලේකම්වරු කියති. 02 දා වනවිටත් කදවුරු 08 ක පවුල් 300 ක පුද්ගලයින් 871 දෙනෙකු අවතැන්ව නේවාසිකව  සිටින බව මාතලේ දිස්ති‍්‍රක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි . විපතට පත්ව නේවාසික කඳවුරු හෝ පෞද්ගලික ඥාතින්ගේ නිවාසවල තාවකාලිකව රැුදී  සිටින සියලූම අවතැන් වූවන් සදහා රජයේ වියලි ආහාර සලාකය ඇතුලූ සහනාධාර ලබාදීමට නිලධාරින්ට උපදෙස් දී ඇති බව මාතලේ දිසාපති/දිස්ති‍්‍රක් ලේකම් හෙලන් ඒ මීගස්මුල්ල මහත්මිය පැවසුවාය .
    මේ වනවිට අයහපත් කාලගුණික තත්වය ක‍්‍රමයෙන් පහව යමින් පවතින නමුත් සහන සේවා කණ්ඩායම් තවදුරටත් සීරුවෙන් තබා ඇති බවත් ආපදාවෙන් සිදුව ඇති හානිය ගණනය කිරීම ප‍්‍රාදේශීය ලේකම්වරුන් මගින් ආරම්භ කර ඇති බව මීගස්මුල්ල මහත්මිය පැවසුවාය.

හේවා පී . කරුණාරත්න - මාතලේ දිස්ති‍්‍රක්

(Cull From Lakbima)

එස්.අයි/ සැරයන් රිමාන්ඩ්

ලක්ෂ පහක් අරන් දෙවොල කැත කරලා

රොමේෂ් මධුසංක


බාල වයසකාර දැරියක කෙළෙසී යැයි සැකපිට අත්අඩංගත් කැනඩා ජාතිකයකු නිදහස් කැරැගැනීමට අසත්‍ය තොරතුරු සැපැයි යැයි කියන වවුනියාව පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ හිටපු ස්ථාධිපති  උපාපොලිස් පරීක්ෂක සරත්චන්ද්‍ර සුමනවීර සහ පොලිස් සැරයන් වරයකු වන ප්‍රේමරත්න මෙම 16 වැනි දා තෙක් රිමාන්ඩ් ගත කරන ලෙස වවුනියාව මහේස්ත්‍රාත් ඇලෙක්ස් රාජා මහතා ඊයේ (2) නියෝග කෙළේය.
පසුගිය වසරේ අගෝස්තු මස14 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී සැකකාර කැනඩා ජාතිකයා බලවයස්කාර දැරිය සමග හෝටලයක සිටියදී  අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් ගත කර  ඇත. පසුව  සැකකාර උපපොලිස් පරික්ෂක සහ සැරයන් ඔහුගෙන් රුපියල් ලක්ෂ පහක් ගෙන ඔහුට විරුද්ධව සාක්කි නැති බව පවසා ඔවුන් මුදා ගැනීමට ක්‍රියා කර ඇති බවත් අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර අධිකරණය සහ පොලිසිය නොමග යවා ඇති බවත්  අධිකරණයේ දී කියැවිණි.
මේ සම්බන්ධයෙන් වි‍ශේෂ පරීකෂණයක් පැවැත්වූ වවුනියාව නියෝජ්‍ය පොලිස්පති ඒ.එච්. ජයවීර මහතා ඔවුන්ගේ වැඩ තහනමකට ලක් කර ඇත.

(Cull From Lankadipa)

වේල්ස්‌ කුමරි ගුරුවරිය සහ දරු දෙදෙනා ඝාතනයේ සැකකාර සැමියා යළි රිමාන්ඩ්

රහස්‌ ප්‍රකාශයකට සැකකරුට අවසර ලැබේ
චමින්ද සිල්වා, 
ඡායාරූපය - ධර්මසේන වැලිපිටිය


වේල්ස්‌ කුමරි විද්‍යාලයේ ගුරුවරිය සහ දරු දෙදෙනා ඝාතනයේ සැකකාර සැමියා ලබන 07 වැනිදා තෙක්‌ තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගල්කිස්‌ස ප්‍රධාන මහෙස්‌ත්‍රාත් හා දිසා විනිසුරු නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය ඊයේ (01 වැනිදා) නියෝග කළාය.

විඡේමුණි මධුරංග ද සිල්වා නමැති සැකකාර සැමියා ඊයේ (01 වැනිදා) මැගසින් බන්ධනාගාරය මගින් ගල්කිස්‌ස අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්‌ථාවේ ඔහු වෙනුවෙන් කිසිදු නීතිඥයකු පෙනී සිටියේ නැත.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්‌ථාවේ ගල්කිස්‌ස පොලිසියේ කොස්‌තාපල්වරුන් වන ප්‍රියංකර සහ බණ්‌ඩාර යන මහත්වරුන් විසින් සැකකරු භාවිත කළ ලැප්ටොප් පරිගණක තුනක්‌, ජංගම දුරකථන තුනක්‌, ඩොන්ගල් දෙකක්‌, පෙම්වතිය භාවිත කළ ජංගම දුරකථන දෙකක්‌ අධිකරණයට ඉදිරිපත් කරන ලදී. පෙම්වතිය භාවිත කළ එක්‌ ජංගම දුරකථනයක්‌ සැකකරු විසින් ලබාදී ඇති බවට විමර්ශනවලදී හෙළිවී ඇතැයිද කීය.

භාරත ඝාතන නඩුවේ සැක 5 දෙනකුට ඇප


පියදාස රණසිංහ පින්තූරය -රංජිත් විමලසිරි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් වසරකට අධික කාලයක්‌ රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් 16 දෙනා අතරින් පස්‌දෙනකු රුපියල් 25000.00 ක මුදල් හා රුපියල් ලක්‌ෂ 02 බැගින් වන ශරීර ඇප දෙකක්‌ යටතේ මුදාහැරීමට කොළඹ වැඩබලන මහෙස්‌ත්‍රාත් කණිෂ්ක විඡේරත්න මහතා ඊයේ (1 දා) නියෝග කළේය.

කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ ඇප අයදුම්පත් හතක්‌ අතරින් සැකකරුවන් පස්‌දෙනකු මුදාහැරීමට ඉකුත් 21 දින මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා ලබාදී තිබූ නියෝගයකට අනුව මෙම සැකකරුවන් මුදාහරින ලදී.

මෙසේ මුදාහරින ලද්දේ කොඩිප්පිලි ආරච්චිලාගේ ලංකා රසාංජන, මංජුල ප්‍රමෝද් හෙට්‌ටිආරච්චි, විඡේසූරිය හෙට්‌ටිආරච්චිලාගේ මාලක සමීර, හේවරාලගේ තරිඳු අසංක හා රාජ්පුරගේ ගාමිණී යන පස්‌දෙනායි.

පසුගිය පළාත් පාලන මැතිවරණ දින (2011 ඔක්‌තෝම්බර් 08) කොටිකාවත්ත, මුල්ලේරියාව, වල්පොල, හන්දියේ දී භාරත - දුමින්ද දෙපාර්ශ්වය අතර හටගත් ගැටුමකින් භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනකු ඝාතනයට ලක්‌වීම හා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට වෙඩි වැදී තුවාල සිදුවීම යන සිද්ධීන්වලට අදාළව මෙම පැමිණිල්ල විභාගයට ගැනේ.

ගන්ගම් නැටුමෙන් ගුරුවරු අමාරුවේ


කෝවිද ගුණසේකර

ගන්ගම් නැටුම නටන්නට ගොස් අමාරුවේ වැටී සිටිනා ගුරුවරුන් පිරිසක් ගැන බ්‍රිතාන්‍යයේ ලැන්ක්ෂයර් ප්‍රාන්තයෙන් වාර්තා වේ.
ලැන්ක්ෂයර්හි ඇක්රින්ග්ටන්හි පිහිටි මවුන්ට් කැමල් දිවිතියීක පාසැලේ ගුරුවරුන් පිරිස හා පාසලේ සේවකයන් ඔවුන් ගන්ගම් ඌරුවට නටන නර්තනයන් ඇතුළත් වීඩියෝවක් පටිගත කර එය අන්තර්ජාලය වෙත මුදාහැර තිබේ.ඔවුන් පවසන ආකාරයට වීඩියෝවේ අරමුණ වී ඇත්තේ ගුරුවරුන් යනු බිය විය යුතු පිරිසක් නොවන බව පෙන්වා දී ගුරු සිසු සබැදියාව ශක්තිමත් කිරීමයි.
වීඩියෝවේ පාසැල් බස් රථයේ තුළ,නාන කාමරයේ,අමුත්තන් පිළගැනීමේ ශාලාව තුළ ගන්ගම් ඌරුවට
නර්තනයේ යෙදෙනා ගුරුවරුන්ගේ දර්ශන අඩංගුය.

ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරියගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ නෑ


ඒ.එෆ්.පී පුවත් ඇසුරිනි , නිව්යෝර්ක් නුවරදීය . . .

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්ගේ මොළයේ හටගත් ලේ කැටිය ඇගේ ජීවිතයට තර්ජනයක් එල්ල නොකරනු ඇතැයි ඇයට ප‍්‍රතිකාර ලබා දෙන විශේෂඥ වෛද්‍යවරු පවසති.
රාජ්‍ය ලේකම්වරිය මීට සති කිහිපයක් තිස්සේ රෝගීව සිටියාය. ඇගේ මොළයේ ලේ කැටියක් ඇතැයි වෛද්‍යවරුන් අනාවරණය කළේ පෙරේදා (31) ය.
මේ වනවිට ඇගේ රුධරය තුනී කිරීමට ඖෂධ ලබා දෙමින් ඇති බවත් ඇයට පූර්ණ සුවය ලැබෙනු ඇතැයි තමන් විශ්වාසය පළ කරන බවත් නිව්යෝක් නුවර රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙයි.

ලන්ඩන් සුසානයක නර භූතයෝ


බි‍්‍රතාන්‍යයේ කේම්බි‍්‍රඡ්හි පිහිටි සුසාන භූමියට අරක්ගෙන සිටිනා සජීවී භූතයන් නිසා ප‍්‍රදේශවාසීන් පසුවන්නේ කෝපයෙනි.
නිවාස අහිමි පුද්ගල කණ්ඩායමක් වන මේ ‘‘භූතයෝ’ සොහොන් පිටිය පුරා සිය අණසක පතුරුවාගෙන සිටීති.කෑම බීම නිදාගැනීම විනෝද වීම ආදී සියලූ දේ සිදුකරන්නේ සොහොන් පිටියේය. නිදාගැනීමට සොහොන් වළවල් භාවිතා කරන මොවුන් ඒවා වසා ඇති කොන්ක‍්‍රීට් තට්ටු ද කඩා බිද දැමිීමට පසුබට නොවන බව ප‍්‍රදේශවාසීන් කියයි.මළවුන්ට ගෞරව දැක්වීමට සොහොන් පිටිය වෙත ගිය අවස්ථාවකදී සිය ආදරණීයයා වෙනුවට සොහොන් වළේ සැතැපී සිටි රස්තියාදුකාරයකු දුටු කාන්තාවක මාර්ගයෙන් මේ බව හෙළිව ඇත.මාර්ගයේ යනෙන පාසල් ළමයින් බියගැන්වීමත් ඔවුන් සිය විනෝදය සපයා ගැනීමට කරන්නකි.

කුණු කරවල මුදලාලිලාට අත්හිටැවූ සිර දඬුවම්


මහින්ද නිශ්ශංක

කෑමට නුසුදුසු අර්තාපල් කිලෝ 8500ක් හා කරවල කිලෝ 2000ක් වෙළෙඳ පොළට නිකුත් කිරීම සඳහා තබාගෙන සිටි පිටකොටුව හතරවැනි හරස් වීදියේ සමාගම් දෙකකට මාළිගාකන්ද මහේස්ත්‍රාත් අයේෂා ආබ්දීන් මහත්මිය රුපියල් ලක්ෂයක හා රුපියල් දස දහසක දඩ නියම කළාය.
 පිටකොටුව හතරවන හරස්වීදියේ ක්‍රිෂ්ණකුමාර හා සමාගමට ද   එන්.කේ.පී රෝයි පෙරේරා හා සමාගමට ද එම දඩ නියම විය. ඊට අමතරව එහි අයිතිකරුවනට හය මාසයකට සිරදඬුවම් ද නියම කළ මහේස්ත්‍රාත්වරිය එය පස් වසරකට අත්හිටැවීය.

(Cull From Lankadipa)

බෙහෙත්/විටමින් සිල්ලර මිල ප්‍රදර්ශනය අනිවාර්ය වේ

මහින්ද නිශ්ශංක


ඖෂධ හා විටමින් සිල්ලර මිල සලකුණු කිරීම අනිවාර්ය බව පාරිබෝගික අධිකාරිය කියයි. වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් අනුව මේ පියවර ගෙන ඇත. සියලු ඖෂධ හා විටමින් සඳහා මිල පාලනයක් ඇති කිරීම මේ වැඩපිළිවෙලේ දෙවැනි අධියරේදී සිදු කරන බව ද ඇමැති කියයි

(Cull From Lankadipa)

කප්පම් කෑවයි පීසී තිදෙනා රිමාන්ඩ්

උපාලි ආනන්ද

ගැමියකු අත්අඩංගුවට නෙගෙන සිටීම සඳහා රුපියල් 25000ක කප්පමක් ගත්තැයි සැකපිට වැලි ඔය හා කැබතිගොල්ලෑව පොලීසියේ කොස්තාපල්වරු තිදෙනෙක් කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් ගයාන් මීගහගේ මහතා විසින් ලබන 11 වැනිදා තෙක් රිමාන් කරනු ලැබූහ.
ඔවුන් හදුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට ද නියමිතය.

(Cull From Lankadipa)

ලක්ෂ 18 අරන් පැන්න කැමරන් ජාතිකයා අල්ලයි


බිමල් ශ්‍යාමන් ජයසිංහ

සල්ලි එක දෙක කරන්නට ගොස් ව්‍යාපාරිකයකුගේ රුපියල් ලක්ෂ දහඅට හමාරක් රැගෙන පැන ගිය කැමරන් ජාතිකයා කොල්ලුපිටියේදී  අල්ලා ගත් නමුත් මුදල් සොයාගෙන නැතැයි පොලීසිය කියයි.
ඔහු අද රාත්‍රියේ ශ්‍රී ලංකාවෙන් පිටවීමට ගුවන් ටිකට්පතක් ගැනීමට ගොස් සිටියදී ව්‍යාපාරිකයාගේ මිතුරකු ඒ බව ඔහුට දන්වා ඇත.
පොලීසිය ඔහු සොයා ගියේය. ඔහු ජිප් රියකින් පලා යන්නට විය. පොලීසිය ඔහු ලුහු බැන්ඳේය. ඔහු ජිප් රිය අතහැර ත්‍රීරෝද රියකට ගොඩවිය. පොලීසිය ලුහුබැඳ එනු දුටු එයින් බැස මහ පාරේ දිව්වේය. පසුව ගොඩ නැගිල්ලකට ඇතුළු වී දොර වසා ගත්තේය.
පොලීසිය එහි ඇතුළු වී ඔහු අත්අඩංගුවට ගතේය. මුදල් කොහිදැයි ඇසූ විට දුවද්දී විසි කළා යැයි කියා ඇත. එය බොරු ප්‍රකාශයක් විය හැකි බව පොලීසිය කියයි.

(Cull From Lankadipa)

ගංවතුරෙන් කැඩුණු පාලම හොරු ගෙන යති

කාංචන කුමාර ආරියදාස


අඹන් ගඟ පිටාර ගැලීමෙන් කැඩී ගිය නාවුල තලාගොඩ එල්ලෙන පාලමේ යකඩ සොරාගෙන ගොස් ඇතැයි ගැමියෝ නාවුල පොලීසියට පැමිණිලි කළහ.
ලොරි දෙකකින් යකඩ හා කම්බි ඇද ඇතැයි වාර්තා වේ

(Cull From Lankadipa)

පොලීසියෙ දෙන්නාගෙ වැඩ තහනම්

මංජුල සේනානායක


ගෙදර රන් බඩු සොරකමක් ගැන කළ පැමිණිල්ලේ දී පොලීසිය රන් බඩු වල මිල අඩුවෙන් සඳහන් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කැකිරාව පොලීසියේ පරීක්ෂකවරයකුගේ හා සැරයන්වරයකුගේ වැඩ තහනම් කළ බව අනුරාධපුර සහකාර පොලිස් අධිකාරී කාර්යාලය කියයි.
පවුම් එක හමාරක රන් බඩු සොරා ගත් බවට කළ පැමිණිල්ල ලියා ගෙන ඇත්තේ එම භාණ්ඩ වල වටිනාකම රුපියල් 19,50ක් වශයෙනි. රන් පවුමක මිල රුපියල් 50,000කි.
ඒ අනුව භාණ්ඩවල පටිනාකම වැඩකුළිය ද සමග රුපියල් 75,000 ඉක්මි විය යුතුය

(Cull From Lankadipa)