
Welcome to the largest news collection on Sri Lanka. This is a discussion table for millions of Sri Lankans living around the world to express their thoughts on the latest Sri Lankan news events. Rednewslanka.blogspot.com is a powerful tool for all Sri Lankan ethnic groups to share information, knowledge and wisdom.
Friday, January 4, 2013
රනිල් කසය අතට ගනී
මන්ත්‍රී පහක් සමාව ගනී
පක්ෂ නායකත්වය දෙන නියෝග සහ උපදෙස් පිළිපැදීමට නොහැකි නම් වහා පාර්ලිමේන්තු මන්ත්‍රී පදවියෙන් ඉවත්ව යන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මන්ත්‍රීවරු පස් දෙනෙකුට අද නියෝග කළේය.
මින් ඉදිරියට පක්ෂයේ ස්ථාවරය අභියෝගයට ලක් වන කිසිදු ක්‍රියාවලියක නිරත නොවන ලෙස ද, විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක නීතීඥ අජිත් පී පෙරේරා, ජාතික යොවුන් පෙරමුණේ සභාපති රුවන් විජයවර්ධන, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝධ් පෙරේරා, පත් කළ මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා සහ එරාන් වික්‍රමරත්න යන මහත්වරුනට තරයේ අවවාද කැරිණි.
ඔවුහු විපක්ෂ නායක කාර්යාලයට කැඳවනු ලැබ සිටියහ.
ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග හමුවේ අභියාචනාධිකරණය විභාගය දින උසාවියට නොයා යුතු යැයි පක්ෂය ගත් තීරණයට එරෙහිව ඔවුන් ක්‍රියා කැර ඇතැයි වික්‍රමසිංහ මහතා කීවේය. මන්ත්‍රීන් පස් දෙනා සමාව ගත් බව ද වාර්තා වෙයි.
(Cull From Lankadipa)