Wednesday, January 2, 2013

ලන්ඩන් සුසානයක නර භූතයෝ


බි‍්‍රතාන්‍යයේ කේම්බි‍්‍රඡ්හි පිහිටි සුසාන භූමියට අරක්ගෙන සිටිනා සජීවී භූතයන් නිසා ප‍්‍රදේශවාසීන් පසුවන්නේ කෝපයෙනි.
නිවාස අහිමි පුද්ගල කණ්ඩායමක් වන මේ ‘‘භූතයෝ’ සොහොන් පිටිය පුරා සිය අණසක පතුරුවාගෙන සිටීති.කෑම බීම නිදාගැනීම විනෝද වීම ආදී සියලූ දේ සිදුකරන්නේ සොහොන් පිටියේය. නිදාගැනීමට සොහොන් වළවල් භාවිතා කරන මොවුන් ඒවා වසා ඇති කොන්ක‍්‍රීට් තට්ටු ද කඩා බිද දැමිීමට පසුබට නොවන බව ප‍්‍රදේශවාසීන් කියයි.මළවුන්ට ගෞරව දැක්වීමට සොහොන් පිටිය වෙත ගිය අවස්ථාවකදී සිය ආදරණීයයා වෙනුවට සොහොන් වළේ සැතැපී සිටි රස්තියාදුකාරයකු දුටු කාන්තාවක මාර්ගයෙන් මේ බව හෙළිව ඇත.මාර්ගයේ යනෙන පාසල් ළමයින් බියගැන්වීමත් ඔවුන් සිය විනෝදය සපයා ගැනීමට කරන්නකි.



බලධාරීන් කියි සිටින්නේ මොවුන්ට එරෙහිව ගතයුතු පියවර ගැන සාකච්ඡා කරමින් සිටින බවයි.මොවුන්ගේ මේ හැසිරීමට හේතුව බීමත්කම බව පෙන්වා දෙන ඔවුන් එය මඟ හැරවීමේ අරමුණින් අවට පිහිටි තැබෑරුම් වල බලපත‍්‍ර තාවකාලිකව අහෝසි කිරීමට දැනට කටයුතු කර ඇත.