Wednesday, January 2, 2013

පාර්ලිමේන්තු සභාවාරය කල් දමන්නැයි සජිත්ගෙන් ඉල්ලීමක්

සංජය නල්ලපෙරුම

sajith-1
අගවිනිසුරුවරියට එරෙහිව ඉදිරිපත් කළ දෝෂාභියෝගය සහ දිවිනැගුම පනත සම්බන්ධ පාර්ලිමේන්තු විවාද පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු සැසිවාරය කල් දමන ලෙස එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ඉල්ලීමක් කරයි. ලක්ෂ හතරකට ආසන්න පිරිසක් ගංවතුරෙන් පීඩාවට පත්ව ඇති නිසා පාර්ලිමේන්තු සභාවාරය කල් තබා ජනතාවට සහන දීමේ වැඩ පිළිවෙළට ප්‍රමුඛතාවය ලබා දිය යුතුයැයි කොළඹදී අද (02) උදෑසන පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සජිත් ප්‍රේමදාස පැවසීය. පාර්ලිමේන්තුව රැස්වීම සඳහා වැයවන මුදල්ද ජනතාවට සහන ලබාදීම වෙනුවෙන් වෙන්කළ යුතු යැයිද ඔහු සදහන් කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාම ඒ සඳහා එක්විය යුතු බවද වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේය.

(Cull From Lakbima)