
Welcome to the largest news collection on Sri Lanka. This is a discussion table for millions of Sri Lankans living around the world to express their thoughts on the latest Sri Lankan news events. Rednewslanka.blogspot.com is a powerful tool for all Sri Lankan ethnic groups to share information, knowledge and wisdom.
Wednesday, January 2, 2013
ගන්ගම් නැටුමෙන් ගුරුවරු අමාරුවේ
කෝවිද ගුණසේකර
ගන්ගම් නැටුම නටන්නට ගොස් අමාරුවේ වැටී සිටිනා ගුරුවරුන් පිරිසක් ගැන බ්‍රිතාන්‍යයේ ලැන්ක්ෂයර් ප්‍රාන්තයෙන් වාර්තා වේ.
ලැන්ක්ෂයර්හි ඇක්රින්ග්ටන්හි පිහිටි මවුන්ට් කැමල් දිවිතියීක පාසැලේ ගුරුවරුන් පිරිස හා පාසලේ සේවකයන් ඔවුන් ගන්ගම් ඌරුවට නටන නර්තනයන් ඇතුළත් වීඩියෝවක් පටිගත කර එය අන්තර්ජාලය වෙත මුදාහැර තිබේ.ඔවුන් පවසන ආකාරයට වීඩියෝවේ අරමුණ වී ඇත්තේ ගුරුවරුන් යනු බිය විය යුතු පිරිසක් නොවන බව පෙන්වා දී ගුරු සිසු සබැදියාව ශක්තිමත් කිරීමයි.
වීඩියෝවේ පාසැල් බස් රථයේ තුළ,නාන කාමරයේ,අමුත්තන් පිළගැනීමේ ශාලාව තුළ ගන්ගම් ඌරුවට
නර්තනයේ යෙදෙනා ගුරුවරුන්ගේ දර්ශන අඩංගුය.
වීඩියොව මේ වන විට බොහෝ දෙනා නරඹා ඇති අතර පාසැලේ අධ්‍යන කටයුතු අධීක්ෂණය කරනා
බලධරයින්ද නැරඹූවන් අතර වේ.වීඩියෝව ඔවුන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්වී ඇති අතර ඔවුන් පවසන්නේ ගුරුවරුන් ළමයින් ඉදිරියේ විහිළුවක් වී ඇති බවයි.ඇක්රින්ග්ටන් ප්‍රදේශයේ සිසුවන්ට මේ දිනවල මේ වීඩියෝව ගැන කතා කරනවා විනා වෙන රාජකාරියක් නොමැති බවත් එයින්ම ගුරුවරුන් පිරිස බාල්දුවී ඇති තරම තේරුම්ගත හැකි බවත් බළධාරීන් කියයි.
කෙසේ වෙතත් පාසලේ විදුහල්පති ඇතුළු නර්තනයට සහභාගීවූ ගුරුවරු පිරිස පවසන්නේ මේ ගැන සිසුන්ගෙන් ඇත්තේ ධනාත්මක ප්‍රතිචාරයක් බවයි.ඔවුන් වෙනදාට වඩා තමන් සමග සහයෝගයෙන් කටයුතු කරන බවද ඔවුන් කියා සිටී.
මේ පිළිඹදව අදහස් පළකරමින් එක් මවක් සදහන් කර ඇත්තේ ඊළග ගුරුදෙගරු හමුවේදී තමා කෙලෙසක හැසිරිය යුතුද කියා දැන් තමාට අදහසක් නොමැති බවයි.එසේ වුවත් මෙය කිසිවෙකුටත් හානියක් සිදුනොකර ලබා ගත් වින්දනයක් ලෙස තමා දකින බවද ඇය පවසා ඇත
(Cull From Lankadipa)