Friday, January 4, 2013

මෙහෙමත් ගෑනු


චමින්ද මඩවල

ස්වීඩන් ජාතික ජෙනේත්තේ ජවෙල් (42) පසුගිය  නත්තල් දා තම සැමියා පිහියෙන් ඇන මරාදමන අයුරු ඇය වීසින්ම තම ජංගම දුරකථනයෙන් ඡායාරූපයට නැගීය.  පිහිපහරවල් 30ක් ඇන තම සැමියාමරා දැමූ  ජවෙල් මිතූරන් හමුවට ගොස් කෑගසා තමා සැමියා මරා දැමු බව කියා තිබේ. අනතූරුව ඇය පොලිස් අත්අඩංගූවට පත් විය. ඇය මත්ද්‍රව්‍ය භාවිතයට ඇබිබැහි වී සිටියේදැයි පොලිසිය පරික්‍ෂණ පවත්වයි.

(Cull From Lankadipa)

සැමියාගේ සාත්තුවට යැවූ හිතවතා බිරිය කෙළෙසයි

ඩී ජී සුගතපාල

රෝහල් ගත කර සිටින සැමියාගේ සාත්තුවට යැවූ හිටපු හමුදා සෙබළකු මිනී මැරුම් නඩුවකට සම්බන්ධ බව කියන පුද්ගලයකු ද සමග මහ රෑ රෝගියාගේ බරිඳ කෙළෙසා ඇතැයි නෙළුව පොලීසිය කියයි.
21 හැවිරිදි මෙම එක්දරු මව එම පුද්ගලයා රෝහලට යවා ඇත්තේ පවුලේ හිතවතකු නිසා යැයි ද, ඔහු රෝහලට නොගොස් මහ රෑ ගෙදරට කඩා වැදී මේ අපරාධය කර ඇතැයි ද පොලීසිය කියයි.

(Cull From Lankadipa)

ඔළු 59යි; ඇට කෑලි 69


මාතලේ ඇම් ඩබ්ලිව් සෝමරත්න

මාතලේ දිසා රෝහල් භුමියේ මිනී වළෙන් මිනී ඔළු 59ක් සොයාගත් බව වෛදවරු කියති. ඇට කැබලි ගණන 69කි. මාතලේ මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මියගේ නියෝග පරිදි අධිකරණ විශේෂඥ වෛද්‍ය නිලධාරි දොස්තර අජිත් ජයසේන මහතා කැනීම් කරයි. මුලින්ම කැණීම් දෙසැම්බර් 2 -22 කාලයේ සිදු විය. ගිය 28 වැනි දා සවස යළි කැණීම් ඇරැඹිණි.

(Cull From Lankadipa)

ශාඛ මරුවෝ තිදෙනෙක් සබරගමුවෙන්


ප්‍රින්ස් රත්නායක

සුදු හඳුන් සහ වල්ලාපට්ට දැව තොගයක් සමග සැකකරුවන් තුන් දෙනකු බෙලිහුල්ඔයේදී අත්අඩංගුවට ගනු ලැබූහ.
වල්ලාපට්ට ශාකයේ කිලෝ එකොළෙහමාරක් හා සුදු හදුන් කිලෝ හැට අටක් ඔවුන් ළඟ තිබිණි.
තෙල් සිඳීමට මේ ශාඛ දෙකම ගනී. වල්ලාපට්ටා ශාඛය ඉතා අධික මිලකට අලෙවි වෙයි.

(Cull From Lankadipa)

තවත් වැලි සීනි තොගයකට සීල්


අප්සරා යෝෂිත් විජේසූරිය

බ්‍රසීලයෙන් ගෙන්වූ සීනි කිලෝ 3100ක වැලි මිශ්‍රවී තිබියදී සොයාගත් රත්නපුර මහ නගර සභාව එම සීනි තොගයට සීල් තැබීය.
කිලෝ පනහේ සීනි ගෝනි 62 එහි විනැයි ද, සාම්පල රජයේ රස පරීක්ෂක වෙත යැවී යැයි ද ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර ප්‍රියන්ත මහතා ප්‍රකාශ කළේය.

(Cull From Lankadipa)

රනිල් කසය අතට ගනී



මන්ත්‍රී පහක් සමාව ගනී

පක්ෂ නායකත්වය දෙන නියෝග සහ උපදෙස් පිළිපැදීමට නොහැකි නම් වහා පාර්ලිමේන්තු මන්ත්‍රී පදවියෙන් ඉවත්ව යන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මන්ත්‍රීවරු පස් දෙනෙකුට අද නියෝග කළේය.
මින් ඉදිරියට පක්ෂයේ ස්ථාවරය අභියෝගයට ලක් වන කිසිදු ක්‍රියාවලියක නිරත නොවන ලෙස ද, විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක නීතීඥ අජිත් පී පෙරේරා, ජාතික යොවුන් පෙරමුණේ සභාපති රුවන් විජයවර්ධන, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝධ් පෙරේරා, පත් කළ මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා සහ එරාන් වික්‍රමරත්න යන මහත්වරුනට තරයේ අවවාද කැරිණි.
ඔවුහු විපක්ෂ නායක කාර්යාලයට කැඳවනු ලැබ සිටියහ.
ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට  එරෙහි දෝෂාභියෝග හමුවේ අභියාචනාධිකරණය විභාගය දින උසාවියට නොයා යුතු යැයි පක්ෂය ගත් තීරණයට එරෙහිව ඔවුන් ක්‍රියා කැර ඇතැයි වික්‍රමසිංහ මහතා කීවේය. මන්ත්‍රීන් පස් දෙනා සමාව ගත් බව ද වාර්තා වෙයි.

(Cull From Lankadipa)

චීනපටස් මුදලාලි රිමාන්ඩ්


ඩී කේ ජිනේන්ද්‍රදාස

චීන පටස් රතිඤ්ඤයක් කටේ දමා හැපීමෙන් මුන්දලමේදී මිය ගිය කුඩා දරුවාගේ මරණය සම්බන්ධයෙන් සැක පිට චීනපටස්  අළෙවි කළ කඩ හිමියා රිමාන්ඩ් බාරයට පත් කළ පුත්තලම මහේස්ත්‍රාත් ධම්මිකා ඉලංගතිස්ස මහත්මිය ඔහුගේ 12 හැවිරිදි පුතාට රුපියල් 5000ක ශරීර ඇප නියම කර මවගේ බාරයට පත් කළාය.
අවුරුදු තුනහමාරක් වයසැති හසංග චමේනුක දරුවාගේ මරණයට හේතුව කඩහිමියාගේ නොසැළකිලිමත් බව පොලීසිය අධිකරණයට දැන්වීය.
එම දරුවාට රතිඤ්ඤය විකුණා ඇත්තේ ඔහුගේ 11 හැවිරිදි දරුවාය.

(Cull From Lankadipa)